About Us
Wednesday, May 20, 2020
පාසලේ ඉතිහාසය
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය අධ්‍යාපන කලාපයේ කැලණිය කොට්ඨාසයේ පිහිටි කැලණි මහ විදුහල පසුගිය වසර කිහිප තුළ විචිධ අංශවලින් දක්ෂතා පෙන්වන ලද 1C වර්ගයට අයත් මිශ්‍ර පාසලකි. පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස. (උ.පෙළ) දක්වා පන්ති පැවැත්වෙයි.විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ 51 දෙනෙක් සිටිති. අද වන විට මෙම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 1435 පමණ ඉගෙනුම ලබති. එසේම සමාන්තර පන්ති තුනකින් යුක්ත වෙයි. සෑම පන්ති කාමරයක්ම වෙන් වෙන්ව ඇත. මේ අයුරින් මෙම පාසල අද වන විට ප්‍රදේශයේ ජනප්‍රිය විද්‍යාල අතරින් එක් විද්‍යාලයකි බප/කැල/ කැලණි මහා විද්‍යාලය " කැලණි විද්‍යාලය" නමින් බෞද්ධ ඉංග්‍රීසි පාසලක් ලෙස 1953 ජනවාරි 19 වනදා ආරම්භ කරන ලදි. ආරම්භයේදි බාලාංශයේ සිට පොදු සහතික පත්‍ර පන්තිය දක්වා පන්ති පවත්වා ගෙන ගොස් ඇත. මෙහිදි පාඨශාලා ගාස්තු රු. 4.00 සිට රු. 15.00 දක්වා පන්තියෙන් පන්තියට වර්ධනය වන ලෙස අය කර ඇත. ප්‍රථම විදුහල්පති කමල් ටි එබ්‍රාහම් වැල්ලබඩ මහතා විය. ආරම්භයේදි මෙම පාඨශාලාව තාවකාලිකව කැලණි විහාරයෙහි ධර්ම ශාලාවේ පවත්වාගෙන ගොස් ඇත.1953 ජනවාරි 19 වන දින කැලැණි රජමහා විහාරයේ ධර්ම ශාලාවේ ආරම්භ කළ කැලණි මහා විදුහල උපත ලද්දේ එවකට කැලණිය විද්‍යාලංකාර පරිවෙණාධිපතිව වැඩ විසු කිරිවත්තුඩුවේ ශ්‍රි පඤ්ඤාසාර නාහිමිපාණන්ගේ පින්බර දෝතින් පහන් දැල්වීමෙනි. මෙම විදුහලේ ආදී කතෘන්වහන්සේලා වන්නේ එවකට කැලණි රජමහා විහාරධිපතිව වැඩ විසු මාපිටිගම බුද්ධ රක්ඛිත හිමිපාණෝ සහ වත්තල ශීලරතන යන හිමිපාණෝය